Colombo Today Local News

මාතලේ කොවිඩි පාලන සංචරණ සිමා කඩන්නවුන් සොයන්න යතුරු පැදි හමුදා කණ්ඩායමක්

කොවිඩි වෛරස් පාලනය වෙනුවෙන් රජය යොදවා ඇති සංචරණ සීමාවන් කඩකරණ පුද්ගලයින් සොයා ශ්‍රිලංකා යුධ හමුදා සෙබලුන්ගෙන් සමන්විත යතුරුපැදි ආරක්ෂණ කණ්ඩායමේ මෙහේයුම් ඊයේ (27) දින දඹුල්ල ඉනාමළුව 53වන සේනාංක මූලස්ථානයෙන් ආරම්භ කරන ලදි.

සේනාවිධායක ජනපති ගෙඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොවිඩි මර්ධන කමිටුවේ ප්‍රධානි යුධ හමුදාපති ජෙනරාල් ෂවෙන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීමෙන් මෙම ක්ෂණික විහිදුම් ගුවන් සංක්‍රමණික යතුරු පැදි ප්‍රහාරක බලකාය 53 වන අතිරේක ප්‍රහාරක සේනාංකයේ සේනාධිපති මාතලේ දිස්ත්‍රික් කොවිඩි කමිටු ප්‍රධානි මේජර් ජෙනරාල් නිශාන්ත මානගේ මහතාගේ සෘජු අධික්ෂනය යටතේ පුහුණු කිරිමෙන් පසු (27 ) දින කොරොනා මර්ධන රාජකාරි සදහා විසිර ගියේය

මෙම යතුරු පැදි ප්‍රහාරක බලකායේ මෙහෙයුම් කණ්ඩායම මූලික වශයෙන් මාතලේ දිස්ත්‍රික්කය කෙන්ද්‍ර කොටගෙන මාතලේ දිස්ත්‍රික්කය පුරාම කොවිඩි පැතිරියාම වැලැක්විම පිණිස රජය හා වෛද්‍යවරුන් විසින් ලබා දි ඇති කොවිඩි මාර්ගොපදේප පිළිපදින ආකාරය සොයා බැලිම හා සංචරන සිමා කාලයන් වලදි එම නිති කඩ කරමින් සිදුකරණු ලබන විවිධාර සංචාර හා ක්‍රියාවන් නිරික්ෂණය කොට එම නිති කඩකරන පුද්ගලයන් විසුරුවා හැරිම , දැනුවත් කිරිම හා සංචරණ නිතිය කඩ කරණ පුද්ගලයින් අත්අඩංගුවට ගැනිම ශ්‍රි ලංකා පොලිසියට සහය ඇතිව සිදුකරිමට නියමිතය.

ඒ යටතේ ක්ෂණික මාර්ග බාදක යොදා රථ වාහන, පුද්ගලයින් පරික්ෂා කිරිම සිදු කිරිමට නියමිතය. එතුලින් සිවිල් ජනතාව කොරොනා නිරොධායන නිති සංචරණ නිති කඩකිරීම අවමකරලිමේ ක්‍රියා කාරකම්වල නිරතවනවා ඇත.

මෙම ක්ෂණික විහිදුම් යතුරුපැදි කණ්ඩායම පුහුණු කිරිම ශ්‍රිලංකා යුද්ධ හමුදාවේ 53 වන පුහුණු පාසලේදි සිදු කල අතර මේජර් ජනරාල් නිශාන්ත මානගේ මහතාගේ සෘජු අධික්ෂනය හා මගපෙන්විමෙන් ගුවන් සංක්‍රමණික පුහුණු පාසලේ පුධාන උපදේශක මෙජර් රංග ගම්ලත් මහතා ඇතුළු උපදේශක කන්ඩායමක් විසින් පුහුණු කිරිම සිදුකලේය. මෙම ක්ෂණික විහිදුම් යතුරුපැදි බලකය ලුතිනල් දිසානය මහතා ඇතුළු නිලධාරින් හා සෙබලුන් 40කින් සමන්විත යතුරු පැදි 20කින් යුතු වේ යතුරු පැදි දෙක බැගින් නිළදාරින් 4දෙනකුගෙන් යුතුව සන්හා සන්නද්දධ සෙබලුන් මාතලේ දිස්ත්‍රික්කය පුරාම අඛණ්ඩව මෙහෙයුම් සිදුකිරිමට නියමිතය.

මහින්ද උදයසිරි රත්නායක – දඹුල්ල

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 21වනදා යළිත් ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

භාණ්ඩ බෙදාහැරීමේ සේවා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

“උ/නැගෙනහිර එක් නොකර වෙන කිසිම විසදුමක් එපා.. ඒකීය රාජ්‍යයත් එපා“ – ද්‍රවිඩ සන්ධානය

colombotoday

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් වැඩ භාරගනී

colombotoday

ලබන වසරේ පාසල් විභාග නියමිත කාලයට

Admin