Colombo Today Local News

5,000 දීමනාව යළිත් | ජල බිල්පතේ සහනයක් නෑ

එළඹෙන සතියේ සිට රුපියල් 5,000 දීමනාව යළිත් ලබාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

රජයේ සේවකයින් නොවන දෛනික ආදායම් අහිමි වූ ජනතාව වෙත මෙම දීමනාව යළි ලබාදෙන බව ඔහු සඳහන් කළේය.

කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මේ බව පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“දෛනිකව ජීවත්වීමට ඉපයීම් කරපු සියලුම දෙනාට, වෙනත් අදායම් නැති අයට, රජයේ සේවකයන් නොවන අයට රුපියල් 5000ක දීමනාවක් දීගෙන යනවා. ජල බිල්පතේ සහනයක් නෑ. සහනය තමයි ප්‍රමාද වී ගෙවන්න. හැමෝටම නෙමෙයි. කොවිඩ් ආසාදිතයෙක් නම් හෝ නිරෝධායනය වෙනවා නම් පමණයි.”

Related posts

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

Admin

ආසියානු දැල් පන්දු කිරුළ ශ්‍රී ලංකාවට….

colombotoday

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday

මුදල් ඇමති ලෙස රවී කරුණානායක අනුපාත අඩු කිරීම සාධාරණ හා නිත්‍යානුකුල ක්‍රියාවක් – බැඳුම්කර කොමිසම

colombotoday

මේ මොහොතේ පක්ෂ නායකත්වයේ වෙනසක් අවශ්‍ය නෑ – ඇමති අකිල විරාජ්

colombotoday

“සම්බන්ධන් ගියේ දෙමළ ජනතාවගේ ඉඩම්වලටයි.. මාධ්‍ය ජාතිවාදය අවුලවනවා” – අගමැතිගෙන් මාධ්‍යට දොස්

colombotoday