Colombo Today Local News

නැවෙන් වෙරළට ආ බඩු ගත් අත් වණ වෙයි | ඉදිරියේදී සිතා ගන්නට නොහැකි පසු විපාක මතු වීමේ අවදානමක්

ගිනි ගනිමින් පවතින එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට පාවී ආ භාණ්ඩ එක් රැස් කළ පුද්ගලයින් කිහිපදෙනෙකුට ආසාත්මිකතා මතුව ඇති බව වාර්තා වේ.

භාණ්ඩ එක් රැස් කිරීමේ දී මුහුදු ජලයට වැඩි වශයෙන් නිරාවරණය වූ අත් පා වැනි ස්ථානවල සම මතුපිට බිබිළි දැමීම්, ලප මතුවීම් සහ කැසීම් තත්ත්ව හටගෙන ඇති බව වාර්තා වේ.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය ප්‍රකාශ කළේ අනතුරු ඇඟවීම් නොතකා වෙරළ වෙත පැමිණි පුද්ගලයින් වෙත බලපා ඇති මෙම ආසාත්මිකතාවලට අමතරව අනාගතයේ ඔවුන් හට සිතාගැනීමට හෝ නොහැකි ආකාරයේ පසු විපාක මතු වීමේ අවදානමක් පවතින බවයි.

නෞකාවෙන් නිකුත්වන අපද්‍රව්‍යය තවදුරටත් වෙරළ වෙත පැමිණෙන බවත්, එම ද්‍රව්‍ය කිසිවකට අත තැබීමට හෝ ලං වීමට හෝ උත්සහ නොකරන ලෙස නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

ඡන්ද කාඩ්පත් මිලදී ගත් දෙදෙනෙක් බේරුවල දී පොලිස් භාරයට

colombotoday

ලෝකයේ හදවත ඇමසන්: 20 වැනි දිනටත් නොනැවතී ගිනි ගනී !

colombotoday

නැතිවුණ ෆෝන් සොයා දෙන්න පොලිසියෙන් අලුත් වැඩක්.. අද සිට ක්‍රියාත්මකයි

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday