Colombo Today Local News

කොළඹ – මීගමුව අවට වෙරළ තීරයට ගොඩ ගසන දේවල් අල්ලන්න එපා – එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන දැනුම්දීමක්

කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනි ගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ විසිවන ද්‍රව්‍ය සහ භාණ්ඩ කොළඹ සහ මීගමුව අවට වෙරළ තීරයට ගොඩගැසීමට ඉඩ ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එවැනි දේ ස්පර්ශ කිරීමෙන් හෝ විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් වළකින ලෙස එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම යම් දෙයක් නිරීක්ෂණය වුවහොත් ඒ බව ශ්‍රී ලංකා නාවික හමුදාවට හෝ පොලීසියට දැනුම්දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය දැනුම්දෙයි.

මෙම නෞකාවේ සිදුවූ පිපිරීමත් සමග කන්ටේනර් 8ක් පමණ මුහුදට වැටී ඇති බව වාර්තා වේ.

එම කන්ටේනර් තුළ පිපිරීමට ලක්විය හැකි ද්‍රව්‍ය අඩංගු බැවින් එය ඉතාමත්ම අනතුරුදායක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කැලණි ගං මෝයේ සිට මා ඔය මෝය දක්වා වූ වෙරළ කලාපය තුළ එම ද්‍රව්‍ය පා වෙමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පෙන්වා දෙයි.

මේ අතර නෞකාවේ පවතින ගින්න පාලනය කිරීමට සහායවීම සඳහා ඉන්දීය සහන කණ්ඩායමක් ද යොමුකර ඇත.

ඒ සඳහා ටග් යාත්‍රාවක්, ඉන්දීය වෙරළ ආරක්ෂක යාත්‍රාවක් සහ ඩෝනියර් ගුවන් යානාවක් ද යොමුකර තිබේ.

නාවික හමුදාව සඳහන් කරන්නේ, නෞකාවේ ඉදිරිපස ඇතිවූ ගින්න මේ වනවිට පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්ත වෙමින් පවතින බවය.

පවතින දැඩි සුළං ප්‍රවාහය ගින්න තවත් වර්ධනයවීමට හේතුවී තිබේ.

මේ වනවිට නෞකාවේ සිටි කාර්යමණ්ඩලය සහ ගලවා ගැනීමේ සමාගමේ විශේෂඥ පිරිස නිරුපද්‍රිතව නෞකාවෙන් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇති බවද නාවික හමුදාව පවසයි.

Related posts

ඇඳිරි නීතිය වෙලාවේ පැවති “ලව්වාගේ ෆේස්බුක් සාදය” වටලා 12 ක් අත්අඩංගුවට ගනියි

colombotoday

පොලීසිය බලා සිටියදීම මැරයෝ පොලු මුගුරුවලින් තෙල් සේවකයන්ට පහරදුන් හැටි (Video)

colombotoday

ඥාණසාර හිමිට රෝගී තත්ත්වයක්… සිරකරුවන් 15ක් සමග Rවාට්ටුවේ රදවා තබයි…

colombotoday

ඥානසාර හිමිට හෝමාගම අධිකරණයෙන් දඬුවම් නියම කිරීම අනිද්දා

colombotoday

ඤාණසාර හිමි කුරුණෑගලින්, රතන හිමි ගම්පහෙන් නාම යෝජනා අත්සන් තබති !

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday