Colombo Today Local News

කනු මතින් ඉදිවෙන අතුරුගිරිය – නව කැළණි පාලම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාතුව චයිනා හාබර් සමාගමට. අදායම් ඉපයීමටත් වසර 15 ක්.

කනු මතින් ඉදිවෙන අතුරුගිරිය – නව කැළණි පාලම අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාතුව චයිනා හාබර් සමාගමට ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

එම මාර්ගය ඉදිකිරිම සඳහා වසර 3 ක කාලයක් සහ එහි මෙහෙයුම් සිදුකර ආදායම් ඉපයීම සඳහා තවත් වසර 15 ක් ද ලබා දී ඇති අතර වසර 18 කින් අධිවේගී මාර්ගය යලි රජයට පවරා දිය යුතුයි.

ව්‍යාපෘතිය අවසන් කර ඒ සඳහා වියදම්වන පිරිවැය ලබා ගැනීමට අවම කාලයක් ගන්නා සමාගමට මෙම කොන්ත්‍රාතුව ලබා දුන් බවයි අමාත්‍ය උදය ගම්මන්පිල අද (25) පැවැත්වූ කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේ.

මේ පිළිබඳව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ මෙලෙස සඳහන්ව ඇත…

“අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැළණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය ඉදිකොට පවත්වාගෙන ගොස් පවරා දීමේ (BOT) පදනම මත ක්‍රියාත්මක කිරීම සඳහා 2020 අප්‍රේල් මස 08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.”

“ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය සඳහා අදාළ ආයෝජකයින්ගෙන් තාක්ෂණික හා මුල්‍ය යෝජනා ඇතුලත් ලංසු කැඳවා ඇත. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශය අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් සමාගම වෙත පැවරීම පිණිස මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.”

කැබිනට් මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව අමාත්‍ය උදය ගම්මන්පිල දැක්වූ අදහස්…

සම්පුර්ණ කැබිනට් මාධ්‍ය හමුව

Related posts

චීනයෙන් ප්‍රතිචාර‍යක් නැහැ… IMF ණය කල් යන ලකුණු

Admin

වාහන අවභාවිතා ගැන ලිඛිත සාක්ෂි තිබියදී ඇමති ලසන්ත, මන්ත්‍රී ආශු තවම නිදැල්ලේ

colombotoday

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

Admin

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

දවල් කාලයට වැලි ප්‍රවාහනය නැවතීමට පියවර – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

colombotoday

වද සැත්කම් ප‍්‍රශ්නයෙන් ඇමති සබ්රි කෝප වෙයි.. පාර්ලිමේන්තුව උණුසුම්

colombotoday