World

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

ඉතාලියේ කේබල් කාර් අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබේ.

උතුරුදිග ඉතාලියේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයක් සහ මැජියෝරේ විල සම්බන්ධ කරමින් ඉදිකර තිබූ කේබල් කාර් රථ මාර්ගයක අනතුර සිදුවී තිබුණි.

කඳුකරය හරහා ගමන් කරමින් තිබූ කේබල් කාර් රථයක් එම රැහැනින් මිඳි මීටර් 20ක් පමණ පහළින් පිහිටි භූමියකට ඇද වැටී තිබේ.

එම අනතුරින් දරුවෙකු ද මියගොස් ඇති බව වාර්තා වේ.

මියගිය පිරිස අතර ඊශ්‍රායෙල් ජාතිකයන් 05 දෙනෙකු ද වන බව ඊශ්‍රායෙල් විදේශ අමාත්‍යංශය සඳහන් කර ඇත.

අනතුරින් දරුවන් දෙදෙනෙකු දිවි බේරාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා ඇති ඔවුන් ගුවන් මගින් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.

Related posts

මැලේසියාවේ නායයාමකින් 21 මරුට

Admin

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

Admin

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Boris Johnson මහතාට කොරෝනා වෛරසය අසාධනය වේ.

colombotoday

කැලිෆෝනියා ප්‍රාන්තයට යළි ඇඳිරිනීතිය

colombotoday

තමිල්නාඩුවේ නව මහ ඇමැති තනතුර කොටි හිතවාදී ඩී.එම්.කේ පක්ෂයට

colombotoday

ඇතින්නක් සිටගෙන සිටි ඉරියව්වෙන් ම මරණයට පත් වූ පුවතක් කේරළයෙන්

colombotoday