Colombo Today Local News

පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙක් රෝහලට ඇතුළත් කරයි

දඹුල්ල නගරයේ පොහොර බෑගයක් තුළ සිහිසුන්ව සිටි තරුණයෙකු අද (22)දින උදෑසන දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

නගරයේ වෙළඳසැලක් ඉදිරිපිට පොහොර බෑගයක පුද්ගලයකු සිටින බවට දැක ඇති අයෙක් මේ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දී ඇත. අනතුරුව තරුණයාව නගරවාසීන් සහ පොලිසිය එක්ව රෝහලට ඇතුලත් කර තිබේ.

එම තරුණයා මාවතගම ප්‍රදේශයේ පදිංචි ගාමිණී දිසානායක නැමැත්තෙකු බවට අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වූ බව වාර්තාවේ.

එම පුද්ගලයා කුමන කාරණයක් සඳහා දඹුල්ලට පැමිණියේ ද, සහ කුමක් හෝ කරදරයක පැටලී ඇද්ද යන්න සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් තවමත් අනාවරණය වී නොමැත.

Related posts

සිරිකොතට ගිය පාක්ෂිකයන් දෙදෙනෙකුට රවීගෙන් ගුටි?

Admin

එනසාල් කිලෝව රු. 13000 යි

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

ආචාර්ය වික්ටර් රත්නායකට ඕස්ට්‍රේලියාවෙන් ලැබුණු සම්මානය

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා ජනපති ගෝඨාභය හමුවෙයි

colombotoday

බීමත්ව රිය පදවන්නන් සෙවීමට අලුත් උපකරණ

colombotoday