Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චිගේ නිල රථයේ රෝද දෙකක ටයර් කපලා

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතාගේ පෞද්ගලික රථයේ රෝද දෙකක ටයර් කපා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මේ සිද්ධිය වී ඇත්තේ එම රථය මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පෙරේදා රාත්‍රී(19)දින නවත්වා තිබියදීය.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජානක තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේ තමා සමග උරණව සිටින පුද්ගලයකු මේ පහත් ක්‍රියාව කරන්නට ඇති බවයි.

තමා පසුව වාහනයට අලුත් ටයර් දෙකක් දා ගත් බවද මන්ත්‍රීවරයා කීවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් ජානක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්ද සටහන් කරගෙන ඇත.

පත් කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සමග පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගියදා ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නම සඳහන් වූඅනෙක් මන්ත්‍රීවරයා වූයේ තිස්සකුට්ටිආරච්චි මහතාය.

Related posts

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday

ජොන්ස්ටන් ට එරෙහි අල්ලස් නඩුවක් විභාගයට දින දෙයි

Admin

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

බදුර්දීන් සහ හකීම් නීතිය හමුවට පමුණුවන්න. පාස්කු කාරක සභාව ගැන විශ්වාසයක් නෑ

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගන්නැයි අධිකරණය තීන්දු කරයි !

colombotoday

ගැබ්ගෙල පිළිකා නසන එන්නතක්

colombotoday