Covid 19

තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකත් ආසාදිතයින් 400ක්

තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමග අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.

එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 2000ක් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී නව ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා,

“ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කලමනාකාරීත්වයත් ඒ වගේම ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ සාකච්ඡා කරලා, අපේ ආණ්ඩුකාරවරයාගේ හා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂට දැනුම්දීලා මේ වන විට එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට තීරණයක් ගත්තා.“

එම ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් සෙවීම සඳහා ඔවුන්ගේ පදිංචි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුවත් කර ඇති බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

Related posts

තවත් ආසාදිතයින් 458ක්

colombotoday

නෙවිල් ප්‍රනාන්දු IDH දැඩිසත්කාර ඒකකයට

colombotoday

ඇමෙරිකාවේ දෙවැනි ශ්‍රී ලාංකිකයාත් මිය යයි

colombotoday

උප පොලිස් පරික්ෂකවරයෙකුත් කොවිඩ් නිව්මෝනියාවෙන් මිය යයි

colombotoday

නව ආසාදිතයින් 2,173ක්

colombotoday

පොලීසියේ තවත් කොරෝනා ආසාදිතයින් 17 ක් හදුනා ගැනේ

colombotoday