පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
එම පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇත.