Covid 19

මැදවච්චියේ ආසාදිතයින් ගණන 54 දක්වා ඉහලට. | වකුගඩු රෝගීන් 30කට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ

දිවයින පුරා සංචරණ සීමා පනවා තිබියදී කොවිඩ් මර්ධනය සඳහා රජය විසින් ලබා දී ඇති උපදෙස් අනුව අද(14) දින ද මැදවච්චිය නගරයේ හමු වූ කොවිඩ් ආසාදිතයිනගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස එහදුනා ගත් වකුගඩු රෝගීන් පිරිසකගේ රැපිට් ඇන්ටිජන් පරික්ෂණ 30 ක් සිදු කළ බවත් මැදවච්චිය නගරයේ මේ වන විට හදුනාගෙන ඇති ආසාදිතයින් මුලු ගණන 54 දක්වා ඉහල ගොස් ඇති බවත් මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඒ අනුව මේ වන විට මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනාගත් පවුල් 72 ක පුද්ගලයින් 291 ක් මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් විසින් නිවස් තුළ ස්වයං නිරෝධායනය කර ඇත.

මැදවච්චිය රෝහලේ, වකුගඩු රෝග ඒකකයේ සේවය කළ ප්‍රධාන වෛද්‍ය වරයා ප්‍රතිකාර කළ පුද්ගලයින්ගෙන් ආශ්‍රිතයින් ලෙස හදුනාගත් වකුගඩු රෝගීන් පිරිසකට මැදවච්චිය ප්‍රාදේශීය රෝහලේදී මෙලස රැපිට් ඇන්ටිජන් පරික්ෂණ මැදවච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සිදු කළේය.

මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පසුගිය(12) දා දිනද මැදවච්චිය නගරයෙන් නව ආසාදිතයින් 03 දෙනෙකු හදුනා ගෙන තිබුණී. මැදවච්චිය රෝහල් පරිශ්‍රයෙන් , සියඹලා ගස් වැව සහ මැකිච්චාව යන ප්‍රදේශ වලින් මෙම නව ආසාදිතයින් හමු වූ බව මැදවච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් ප්‍රකාශ කළේය.

මැදවච්චය – සජිත් ගයාන් උබේපාල

Related posts

හොරණ, කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිතයින් 47 ක් හදුනා ගැනේ

colombotoday

එප්පාවල පෙම්වතියගේ නිවසට පැමිණි නාවික සෙබළාට කොවිඩ්

colombotoday

පල්ලියෙන් නෑ කිවුවට “කොරොනා ආසාදිතයෙක් රතු පල්ලියේ දේව මෙහෙයට සහභාගී වෙලා” – ආරක්ෂක ලේකම් තහවුරු කරයි

colombotoday

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

මනාලියට කොවිඩ්: මනාලයා නිරෝධායනයට

colombotoday

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

colombotoday