Colombo Today Local News

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

ඔස්ට්‍රේලියාවට යෑමේ අරමුණින් හලාවත ඉරණවිල නිවසක රහසිගතව සැඟව සිටි පුද්ගලයන් 29 දෙනෙකු සොයාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණු තොරතුරක් මත ඊයේ (13)දින පස්වරුවේ ඉරණවිල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමට යාමේදී එම නිවසේ ඔවුන් සිට ඇති අතර නාවික හමුදාව ඔවුන් පරික්ෂා කිරීමට පෙරම ඔවුන් නිවසින් පළාගොස් තිබිණි.

මේ සමග වහා ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් ඉරණවිල ගම්වැසියන්ගේ හා හලාවත පොලීසියේ සහාය ඇතිව පුද්ගලයන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබේ.

අනෙක් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (14) අළුයමය.

මේ පිරිස මේ වනවිට වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා හලාවත පොලීසියට භාර දී තිබේ.

ඔවුන් යාපනය, මඩකලපුව, මුලතිව්, වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කීපයක පදිංචිකරුවන් වේ.

Related posts

‘තායි බාට්’ මෙරට විදේශ මුදල ලැයිස්තුවට ඇතුළත් කරයි

colombotoday

අදත් තැනින් තැන වැසි

colombotoday

සුළු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට, බෞද්ධ ජනතාව ලබා දී ඇති අවස්‌ථාව ලෝකයේ කිසිදු රටක නෑ – ෆයිසර් මුස්‌තාපා

colombotoday

ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනයට සැක පිල්ලෙයාන්ට ඇප

colombotoday

එමිල්-රංගජිව යළි රිමාන්ඩ්

colombotoday

බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්

Admin