Colombo Today Local News

කුසල් වෙනුවෙන් ගීතා සටනට

geethaතහනම් උත්තෙජක චෝදනා එල්ල කරමින් නැගී එන දක්ෂ ක්‍රීඩකයෙකු වනකුසල් ජනිත් පෙරේරාගේ ක්‍රිකට් දිවිය විනාශ කිරීමට යම් පිරිසක් කටයුතු කරන බවත්, ඔහු බේරාගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් එකාවන්ව කටයුතු කළ යුතු බවත් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

ඇය මාධ්‍ය අමතමින් අද (27දා) මේබව සඳහන් කළාය. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරිය “මේ ක්‍රීඩකයා වෙනුවෙන් මා සෘජුව පෙනී සිටිනවා. අපේ ක්‍රීඩා ඇමතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටු කරනවා. ඒ ගැන අපි එතුමාට ස්තුති කරනවා. ඇත්තටම මේ තුළ ඇත්තේ කුමන්ත්‍රණයක්.සුපිරි ක්‍රිකට් ක්‍රිඩක සනත් ජයසූරියගෙන් පස්සෙ ඔහුගේ පිතිකරණ රටාව අනුව තමයි කුසල් පන්දුවට පහරදෙන්නේ.

මේ ක්‍රීඩකයාගේ ක්‍රිඩා දිවිය විනාශ කරන්නඉඩදෙන්න බැහැ. මීට කලින් මේ වගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනාවලට ලක් වූ ක්‍රිකට් ක්‍රීඩකයන් නිදහස් වෙලා තියෙනවා. ඉනිමගේ ඉහළට නගින විට බලන්නේ කොහොමහරි ඉන් පහළට ඇදලා දමන්න. අද කුසල් ජනිත්ටත් වෙලා තියෙන්නේ මේ තත්ත්වයයි” යනුවෙන් සඳහන් කළාය.

Related posts

පොලොන්නරුවේ ගම් 12 හුදකලා කරයි

colombotoday

TOP 10 ලයිස්තුවේ රවී ඉදිරියෙන්… බිලියන 10ක වංචාවක් ගැන චෝදනා !

colombotoday

ජීවිතේ පළවෙනි වතාවට අනුන් හැදූ වාර්තාවක් කියෙව්වා – ජනපති බැදුම්කර ප්‍රකාශය ගැන කියන කතාව

colombotoday

ලෝකය දිනා වාසි මල්ලක් අරන් අගමැති එයි!

colombotoday

ව්‍යවස්ථාව ගේන්නෙත් යුද අපරාධ චෝදනා කරන පිරිසමයි.. ජනමතවිචාරණයක් තිබ්බොත් පරාදයි

colombotoday

නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්

colombotoday