Colombo Today Local News

අනුරාධපුරයේ කොරෝනා රෝගීන් 100ක් ගෙවල් වල

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 100 දෙනෙකු පමණ මේ වනතෙක් රෝහල්ගත කර නොමැතිව නිවෙස් තුළ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අනාවරණය කළේ, “අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත් දැනුම් දීලා පුළුවන් තරම් අයව මධ්‍යස්ථානවලට යවමින් පවතිනවා. ඉඩ පිළිබඳ ප්‍රශ්න නිසා දැනට 100කට ආසන්න පිරිසක් ගෙවල්වල ඉන්නවා. අපි නිරන්තරයෙන් ඔවුන් පිළිබඳ සොයා බලනවා,” යනුවෙනි.

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තල්ගස්ගොඩ සහ ගොඩහේන ග්‍රාම සේවා වසම් දෙකත් මේ වනවිට හුදකලා කර තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාවගේ සංචරණය වැළැක්වීම සඳහා මාර්ග පස්දමා අවහිර කොට තිබුණි.

Related posts

2021 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරයි

Admin

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීම ජනපති ප්‍රධානත්වයෙන් 5 වනදා..

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය ආරක්ෂා කරගත යුත්තේ ඇයි ? – සජීව සංවාදය

colombotoday

නාගානන්දගේ නීතිඥ භාවය අහෝසි කරයි

Admin

ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද සාකච්ඡාවකට රැස්වෙයි

Admin

අපි ආය ආණ්ඩුව ගත්තාම පක්ෂයේ ඉන්න ටයි කෝට් කාරයෝ පන්නවා – මරිකාර්

colombotoday