Colombo Today Local News

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවති – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

රෝහල් ශීඝ්‍රයෙන් පිරී යමින් පවතින බැවින් අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන සංචරණ සීමා උපරිමයෙන්ම ක්‍රියාත්මක කිරීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

අද (4)දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එහි සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවේ, කොරෝනා රෝගීන් හඳුනා ගැනීම පාලනයකින් තොරව ඉහළ යන බවක් පෙන්නුම් කරන බවයි.

විශේෂඥ වෛද්‍යවරිය විසින් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරනු ලැබූ කරුණු පහත පරිදි වේ.

🛑 සීමිත ඇඳන් පහසුකම් අඩුවෙමින් සහ දැඩි සත්කාරවල අවශ්‍යතාව ද පිරෙමින් පවතී.

🛑අලුත් ප්‍රභේදය බෝවීමේ ප්‍රවණතාවය ඉතා වැඩියි.

🛑මෙම අවස්ථාවේදී පවුලේ එක් අයෙකුට ආසාදනය වූ විට බොහෝ දුරට පවුලේ අනෙකුත් සාමාජිකයින් ද ආසාදිතයින් ලෙස වාර්තා විය හැකියි.

🛑 ආසාදිතයින් රෝහල් කරා ගෙන යාමේ අපහසුතා මත නිවෙස්වලදීම ඔවුන් බලා ගැනීමට සිදුව තිබේ.

🛑එවන් අවස්ථාවලදී රෝගීන් වෙන් කර තබා, නිවෙස් තුළත් මුව ආවරණ පැළඳ සිටින්න.

🛑මූලික වෛරස උණක් සහිත රෝගියෙකුට අවශ්‍ය පැරසිටමෝල් වැනි ප්‍රතිකාර ලබා දෙන්න.

🛑ශරීරය විජලනය වීමට නොදී දිය යුතු මූලික ප්‍රතිකාරත් සිදු කරන්න.

Related posts

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2ක් කරයි

Admin

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ ශිෂ්ටත්වය අමතක වුණු සිංගප්පුරු ගිවිසුම

colombotoday

බල්ලන්ට මිලියන 100යි.කොල්ලන්ට මිලියන 100යි. ඔබතුමාලගේ ආණ්ඩුව, කොල්ලෝ බල්ලන්ටත් වඩා අන්තයට දාලා…

colombotoday

ඩොලර් 520000 ක් ගිණුමේ තිබ්බා. ඩයස්පෝරා මුදලට හමුදාව පාවා දෙන්න එපා. | ෆොන්සේකාට ඇමති වීරසේකරගෙන් දරුණු ප්‍රහාරයක්

colombotoday

මේ වසරේ විදුලි බිල අඩුවීමක් නෑ

Admin

මරාගෙන මැරෙන බෝම්බ බොට්ටුවක් සොයා ගනී

colombotoday