බියගම, දෙල්ගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වසා දැමීමට එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් අද (04)දින කටයුතු කළේය.
ඒ එම පිරවුම්හලේ සේවකයින් දෙදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුවය.
පසුගිය දිනෙක බියගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඒ. ටී. එස්. පෙරේරා මහතා පැවසීය.