Colombo Today Local News

‘ස්පුට්නික් V’ පළමු එන්නත් තොගය දිවයිනට

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

15,000කින් සමන්විත එම එන්නත් තොගය කටුනායක ගුවන්තොටුපොළේ දී භාර ගැනීම සඳහා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැමිණ තිබුණි.

එන්නත් තොගය භාර ගැනීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇත.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතට අමතරව රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් V’ කොවිඩ් මර්දන එන්නතට ද මෙරට තුළ හදිසි භාවිතය සඳහා පසුගිය දා අනුමැතිය හිමිවිය.

එම එන්නත් මාත්‍රා මිලියන 07ක් අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Related posts

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

පස්වරු 4 වන විට දිස්ත්‍රික්ක රැසක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 60 ඉක්මවයි

colombotoday

කෝප් කමිටුවෙන් අනුර ඉවත් වෙයි

Admin

ඇල්ලේ හෝටලයක් හදන්න වනාන්තරයක් ඩෝසර් කරලා

colombotoday

ලක්ෂ 20 ට අධික මත්කුඩු සමග කතක් පොලිස් දැලේ

colombotoday

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව ගෙන ආ තවත් කහ තොගයක් මන්නාරමෙන් සොයාගනී

colombotoday