නීති විරෝධි සංක්‍රමණ මැඩපැවැත්වීමට සාගර දේශසීමාවේ ආරක්ෂාව තර කර ඇතැයි, නාවික හමුදාව පවසයි.
නාවික හමුදාව සඳහන් කළේ, මුහුදු මාර්ග ඔසේසේ මෙරටට සංක්‍රමණිකයින් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවයි.
එය මැඩපැවැත්වීමට පැය 24 පුරා වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි, නාවික හමුදා ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.
ඔහු ධීවර ප්‍රජාවට දැනුම් දෙන්නේ, විදෙස් ධීවර යාත්‍රා සමග සම්බන්ධතා පැවැත්වීමෙන් වළකින ලෙසයි.