Colombo Today Local News

ජනාධිපති සමාව අදාලද නැද්ද සොයා බලා තීරණයක් ගන්නම්. ඥානසාර හිමිට එරෙහි අපෑල කැඳවු අවස්ථාවේ සන්ධ්‍යා එක්නැලිගොඩගේ නීතිඥවරයා කියයි.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී බැන තර්ජනය කළ බවට චෝදනා කරමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව තිබූ නඩුවකට අදාලව හෝමාගම මහාධිකරණය විසින් ලබා දුන් තීන්දුවක් අභියෝගයට ලක් කරමින් කොටි ඔත්තු කරුවෙකු ලෙස විවිද පාර්ශව විසින් චෝදනා එල්ල කල ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කර ඇත ඇපෑල අද(3) දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබීය.

මීට ඉහතදී, හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩුවේ තීන්දුව ලබා දෙමින් ඥානසාර හිමියන්ට මාස 6 ක සිර දඬුවමක් පනවනු ලැබීය. කෙසේ වෙතත් ඥානසාර හිමි එම තීන්දුවට එරෙහිව හෝමාගම මහාධිකරණයේ ඇපෑලක් ගොනු කරනු ලැබූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අදාළ සිරදඬුවම අත්හිටුවීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කරන ලදි. එම තීන්දුව අභියෝගයට ලක් කරමින් සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කර ඇත.

අද (3) නඩුව කැඳවු අවස්ථාවේදී පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න සඳහන් කර සිටියේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී තිබෙන බැවින් මෙම නඩුවටත්එය අදාලද යන්න සොයා බලා මීලග දිනයේදී නඩුව සම්බන්ධයෙන් පියවරක් ගන්නා බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් තිශ්‍ය වේරගොඩ, ඉරේශ් සෙනවිරත්න සහ සංජය මාරඹේ යන නීතිඥවරුන් පෙනී සිටින ලදි.

Related posts

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්න

colombotoday

රුසියා තේ වෙළදපොලේ ලංකාවට අහිමිවුණු කොටසට කෙන්යාව මානබලයි !

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

“මහින්ද එලවපු නිසා රට යුද්ධයකින් බේරුනා… දැන් විදේශ ආධාර ගලාගෙන එනවා“ – රාජිත

colombotoday

පොලිස් වසම් හා තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday