Colombo Today Local News

ත්‍රීරෝද රථ රියදුරන්ට විමසිල්ලෙන් සිටින්නැයි පොලීසියෙන් දැනුම්දීමක්

ත්‍රීරෝද රථ රියදුරන් විසින් රාත්‍රී කාලයේ දී මගීන් රැගෙන යෑමේ දී විමසිලිමත්ව කටයුතු කළ යුතු බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මගීන් ලෙස ත්‍රීරෝද රථයට ගොඩවෙන පුද්ගලයින් ඇතැම් විට අපරාධකරුවන් විය හැකි බවය.

ඊයේ රාත්‍රීයේ දී අනුරාධපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථයකට ගොඩ වී ඇති පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම ත්‍රීරෝද රථය මංකොල්ලකා පළා ගොස් ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

යම් ස්ථානයකට රැගෙන යන ලෙස ත්‍රීරෝද රථ රියදුරුට පවසා එම ස්ථානයට යන අතරමඟ දී මෙලෙස ත්‍රීරෝද රථය මංකොල්ලකා තිබේ.

කෙසේවෙතත් විමර්ශන සිදුකළ අනුරාධපුර පොලීසිය විසින් පැහැරගත් එම ත්‍රීරෝද රථය සමඟ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 28 හැවිරිදි නිට්ටඹුව, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවට අනාවරණය වු බවත් අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

හෙට සිට අළුත් රූපවාහිනී නාළිකාවක්

colombotoday

අවුරුදු දවස් දෙකේ විදුලි කප්පාදුවක් නැහැ..

colombotoday

ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට හොරෙන් රිංගු අයෙක් ගිනිතියලා

Admin

කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක බීමත් යතුරුපැදිකරුවෙකු ගැටෙයි

colombotoday

රන් මිල අදත් ඉහළට

Admin

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

Admin