Colombo Today Local News

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ දීමනාව දිනකට විසිදහසක් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්!

මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගිවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් විසිදහස දක්‌වා ඉහළ දැමීමට ආණ්‌ඩුව විසින් යෝජනා කර ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ගෘහ කාරක සභා රැස්‌වීමකදී ආණ්‌ඩු පක්‍ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

දැනට මන්ත්‍රිවරයකුට පැමිණීමේ දීමනාව වශයෙන් දිනකට ගෙවනු ලබන්නේ රුපියල් පන්සීයකි. මේ අනුව දිනක පැමිණීමේ දීමනාව රුපියල් දහනවදහස්‌ පන්සීයකින් ඉහළ යනු ඇත.

මසකට පාර්ලිමේන්තුව රැස්‌වන දින ගණන අටක්‌ වන අතර ඒ අනුව රැස්‌වීමට පැමිණීම වෙනුවෙන් එක්‌ මන්ත්‍රීවරයකුට රුපියල් 1,56,000 ක දීමනාවක්‌ මසකට හිමිවන බව ආණ්‌ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දීමනාව මන්ත්‍රීවරයකු වෙත ලබා දෙන්නේ මාසික වැටුප, දුරකථන හා ඉන්ධන, කාර්ය මණ්‌ඩල ආදී වියදම්වලට අමතරවය.

ලබන වසරේÊසිට මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පෙරට වඩා වැඩි වන බවද සෑම මන්ත්‍රීවරයකු කාරක සභා නියෝජනය වන පරිදි ක්‍රමවේදයක්‌ සැකසීම නිසා එක්‌ එක්‌ මන්ත්‍රීවරුන්ගේ රාජකාරිය ඉහළ යන බවද ඒ නිසා මෙසේ දීමනා වැඩි කිරීමට යෝජනා වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව අප ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසූ අවස්‌ථාවේදී හෙතෙම ප්‍රකාශ කළේ මෙසේ පැමිණීමේ දීමනාව ඉහළ දැමීම තමන් ප්‍රතික්‌ෂේප කරන බවය. ඒ බව දන්වා ජවිපෙ මන්ත්‍රීවරු අදාළ බලධාරීන්ට ලිත දැනුම්දීමක්‌ කළ බවද හේරත් මහතා ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන්ගේ වියදම ඉහළ ගොස්‌ ඇති බැවින් ඔවුන්ගේ දීමනා වැඩි කළයුතු බවට පසුගිය අයවැය විවාදයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය.

-දිවයින

 

 

Related posts

මඩ බළකාය හාන්සියි… ඇමරිකා පුරවැසි අහෝසියේ සියළු ලේඛණ ගෝඨා රට හමුවේ පෙන්වයි (Video)

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

colombotoday

අනුමත සීමාව ඉක්මවා ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරනු. දකුණේ ආණ්ඩුකාර කැෆේ කිර්තිගෙන් නියෝග

colombotoday

පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිතගේ නිවස පරික්ෂා කරයි

colombotoday

ඊයේ ඇවිලී ගිය ගාල්ල ගිංතොටට ඥානසාර හිමි වැඩම කරති.

colombotoday

‘මීළග විධායක ජනාධිපති රනිල්’… මෛත්‍රීට මොනව වෙයිද? ටක්කෙටම හරියන අනාවැකි කියන විජිත රෝහණ කියන කතාව

colombotoday