Colombo Today Local News

වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක්

ලබන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් පිහිටුවිමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියා මණ්ඩපය ජුලි මස 31 වන දින සිට අවලංගු කෙරෙන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

වව්නියාව නව විශ්වවිද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය, ව්‍යවහාරික විද්‍යාය හා තාක්ෂණික අධ්‍යයන ශාඛාවන් හි උසස් අධ්‍යාපනය ලබාදීමේ, ප්‍රවර්ධනය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ කාර්යයන් සඳහා ස්ථාපිත කෙරේ.

ව්‍යාපාර අධ්‍යයන පීඨය මූල්‍ය හා ගිණුම්කරණ හා ඉංග්‍රීසී භාෂාව ඉගැන්වීම, ව්‍යාපෘති කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ‍, ව්‍යාපාර ආර්ථික විද්‍යාව හා කළමනාකරණ සහ ව්‍යවසායකත්ව යන අධ්‍යයන අංශයන්ගෙන් සමන්විතය.

ව්‍යවහාරික විද්‍යා පීඨය, භෞතික විද්‍යා හා ජීව විද්‍යා අධ්‍යයන අංශයන්ගෙන් ද තාක්ෂණික අධ්‍යාපන පීඨය, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයෙන් ද සමන්විත වන බව අධ්‍යාපන අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

පුත්තමේ පුපුරා ගියේ ක්ලේමෝ බෝම්බයක් දැයි සැකයක්

colombotoday

හිටපු ජනපති සැඟව සිටිනවා කියන එක මම කිසිසේත් විශ්වාස කරන්නේ නෑ – බන්දුල

colombotoday

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

colombotoday

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

Admin

රු.කොටි 9 ක සැප වාහනයට මන්ත්‍රී බද්ද රු.1050 යි – සාමාන්‍ය වාහනයක බද්ද ලක්‍ෂ 20ට වඩා වැඩියි

colombotoday