Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වු පාරිසරික හානියේ ගණනය කිරීම ඇරඹෙයි

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවය.

එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් එයට ටික කාලයක් ගත වන බවත් නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ව නීතිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වු බව ද ඇය සඳහන් කළාය.

Related posts

මහතීර් මොහොමඩ්ගේ වගේම මහින්දත් යළි බලය ලබා ගන්නවා – ජී.එල්.

colombotoday

මවක් දරු දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පනී.. එක් දරුවෙක් මරුට

colombotoday

පශ්චාත් මැතිවරණ සමය සාමකාමි බව කැෆේ සංවිධානය කියයි

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ මියයයි

colombotoday

විද්‍යුත් වාහන ආනයනයට අවසර

Admin

“තෙල් නැව් හතක් එනවා…. මේ වෙලාවේ කවුරු හරි හොරකම් කරන එකෙක් ඉන්නවනම් ඌට වැහි නැති හෙණ ගහන්න ඕන.”

colombotoday