Colombo Today Local News

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

ඇෆ්ලටොක්සීන් ඇති ත්‍රිපෝෂ තොග විනාශ කර ඇති නිසා රජය විසින් සායනවලදි බෙදා දී ඇති ත්‍රිපෝෂ සැකයකින් තොරව අද සිට පරිභෝජනයට ගන්නා ලෙස ගර්භිණී මව්වරු ඇතුළු මව්වරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දීමක් කරයි.

පවුල් සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසුවේ ත්‍රිපෝෂ ආහාරයට ගැනීමට කිසිදු ගර්භිණී මවක් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් මේ සම්බන්ධව ව්‍යාජ තොරතුරු ප්‍රචාරයවන බවත්ය.

මේ වන විට ඇෆ්ලටොක්සීන් ඇති බවට පරීක්ෂණවලින් තහවුරු කරගත් ත්‍රිපෝෂ භාවිතයෙන් ඉවත්කර ඇති බවත් එම නිසා සායනවලදී ලබා දී ඇති ත්‍රිපෝෂ භාවිතයට ගැනීමට හැකියාව ඇති බවත් අධ්‍යක්ෂවරිය සඳහන් කළාය.

මීට මාස තුනකට පෙර ත්‍රිපෝෂ සමාගම නිකුත් කළ ත්‍රිපෝෂ තොගයෙහි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය වැඩි වශයෙන් තිබූ බවට සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය විය.

එසේ ඇෆ්ලටොක්සීන් තිබූ බවට තහවුරු වූ ත්‍රිපෝෂ තොගය මේ වන විට විනාශ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ත්‍රිපෝෂ සමාගම තහවුරු කරයි.

Related posts

රවුෆ් හකීම් ත්‍රස්තවාදී සහරාන් සමග ගනුදෙනුවක. වීඩියෝ සාක්ෂි මෙන්න

colombotoday

යුද අපරාධ ලොක්කා මේ සතියේ ලංකාවට එයි.. කොටි ඩයස්පොරාව, NGO සතුටින් !!

colombotoday

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වෙයි

Admin

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin

මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට

colombotoday