Colombo Today Local News

ඔමික්‍රොන් මැඬ පැවැත්වීමට ප්‍රතිදේහ හොදින් නිර්මාණය කරන එන්නත

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය සඳහා ෆයිසර් එන්නත් මාත්‍රා 3ක් ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව ෆයිසර් බයෝ ඇන්ඩ් ටෙක් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.

රසායනාගාර පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ, නව ප්‍රභේදය මැඬ පැවැත්වීමට අවශ්‍ය ප්‍රතිදේහ හොදින් නිර්මාණය කිරීමේ හැකියාව ෆයිසර් එන්නතට ඇති බවයි.

එසේම මාර්තු මාසය වන විට ඔමික්‍රොන් නව ප්‍රභේදය වෙනුවෙන් එන්නත් නිර්මාණය කිරීමට ද අපේක්ෂා කරන බව ෆයිසර් සමාගම ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ, නව ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රෝහල්ගත වීම් වැඩි විය හැකි බවයි.

මේ වන විට ලොව පුරා රටවල් 57ක ඔමික්‍රොන් නව ප්‍රභේදය පැතිර ඇති අතර ලොව පුරා කොරෝනා ආසාදිතයින් 268,068,326ක් වාර්තා වන අතර, මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 5,294,421ක් ලෙසයි.

Related posts

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday

විපක්ෂ නායකකමට නම් දෙකක් ලැබුණා – කථානායක

colombotoday

උපරිම සිල්ලර මිල – බර සටහන් කිරීම ඇතුළු තොරතුරු 7ක් අනිවාර්ය කරයි

colombotoday

හිටපු නීතිපතිට අදත් TIDයෙන් කැඳවීමක්

Admin

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

දික්වැල්ලේ වෙඩි තැබීමකින් සර්ෆ් පුහුණුකරුවෙකු ජීවිතක්ෂයට

colombotoday