Colombo Today Local News

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට පළාත් සභා බෑ

නව පනතක් සම්මත නොකර පැරණි ක්‍රමයට හෝ පළාත් සභා ඡන්දය පැවැත්විය නොහැකි බව නීතිපතිවරයා දැනුම්දී ඇතැයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ මහජන නියෝජිතයන් නොමැතිව ක්‍රියාත්මක වන පළාත් සභා සඳහා ඡන්දයක් පැවැත්වීම අවශ්‍ය වුවත් ඊට ඇති එකම බාධාව මෙම නීතිමය තත්වය බව සභාපතිවරයා එම කාරක සභාවට දැනුම් දුන්නේය.

මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ(8)දින රැස්විය. දිනේෂ් ගුණවර්ධන මහතා නීතිපතිවරයාගේ මතය එම සභාවට දැනුම් දුන්නේය.

Related posts

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday

විභාග කොමසාරිස් ජනරාල් ධුරයට නවකයෙක්

colombotoday

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට

colombotoday

සඟවා තිබූ සැමන් ටින් 1800 පාරිභෝගික සේවා අධිකාරිය සොයාගනී

colombotoday

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday

විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට ඇප

Admin