ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව සදහා භික්ෂූන් වහන්සේලා දෙදහසක් පමණ සහභාගී වන බව පැවිදි හඩ සංවිධානය පවසයි.
එහි නියෝජිත පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මෙම අදහස් පළකලේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානයේදී ඊයෙ පැවති මාධ්‍ය හමුකදී යි.
සමහර පන්සල්වල හිමිවරුන්ට දායකයින් විසින් තර්ජනය කරන බවත්,තවත් සමහර පන්සල්වල හිමිවරුන්ට ආයෙමත් පන්සලට නොඑන ලෙස මන්ත්‍රීවරුන් විසින් තර්ජනය කරන බවත්, කුමන ආණ්ඩු ආවත් පැවිදි හඬ නිහඬ කළ නොහැකි බව බලධාරීන්ට සිහිපත් කළ යුතුව ඇති බවත් එහිදී අදහස් දැක්වූ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියයන් පැවසූහ.