Colombo Today Local News

DIG ලතීෆ්, STF අණදෙන නිලධාරී තනතුරට පත්කිරීම නීති විරෝධීයි !

Stf 23පොලිස් විශේෂ කාර්ය බළකයේ (STF) පුරප්පාඩු වූ අණදෙන නිලධාරී නනතුරට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (Senior Deputy Inspector General of Police) එම්.ආර්. ලතීෆ් මහතා පත්කර තිබේ.

පොලිස් කොමිසම විසින් කළ නිර්දේශයට අනුවවයි මෙම පත්කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙම පත්කිරීම නීත්‍යනුකුල නොවන බව පොලිස්පති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. පොලිස් විශේෂ කාර්ය බළකයේ (STF) අණදෙන නිලධාරී නනතුර සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කළ නොහැකි බවත් එය පොලිසීයේ මෙතෙක් පැවති සම්ප්‍රධාය බිද දැමීමක් සහ පොලිසියේ උසස් නිලධාරියකු ඊට පහල තනතුරකට පත්කිරීමක් බවයි වාර්තා වෙන්නේ.

ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලතීෆ් පත්කිරීමට පොලිස් කොමිසම නිර්දේශ ලිපිය ලබාදී දින කිහිපයක් යනතෙක් අදාළ පත්කිරීම සිදු කිරීමට පොලිස්පතිවරයා ප්‍රමාදකර තිබිණි.

ceylonleader.com

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද කෝප් කමිටුව හමුවට

Admin

ජනපති, ආරක්‍ෂක ලේකම් ඇතුළු හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව ජගත් අධිකරණයට පැමිණිල්ලක් – ස්කොට්ලන්ත පුවත්පතක් කියයි

colombotoday

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

colombotoday

යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් 8000ක් රජයේ ආයතන වල අයිස් ගසයි.

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

අණ නොතකා ගිය ත්‍රිරෝද රථයකට පොලිසියෙන් වෙඩි

Admin