Colombo Today Local News

ඔබේ වාහනයත් ගංවතුරට හසු වුණාද? එහෙනම් කරන්න ඕන දේ මෙන්න

dd44845

ජල ගැලීම් හේතුවෙන් මෝටර් රථයක එන්ජිම වතුරෙන් යටවී ඇත්නම් නොඑසේනම් එන්ජිම තුළට ජලය යන මට්ටමට ජලයෙන් යටවී ඇත්නම් කිසිම අවස්ථාවක එම මෝටර් රථයේ එන්ජිම පණගැන්වීමට උත්සාහ නොකරන්නැයි Automobile උපදේශක ඉංජිනේරු ලාල් අලවත්ත මහතා පවසනවා.

එමෙන්ම ගංවතුරට අසුවූ මෝටර් රථ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳවද අලවත්ත මහතා පැහැදිළි කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ, සිදු කළ යුතු සුදුසුම ක්‍රියාව වන්නේ ජලය බැස ගිය පසු ඔබේ රථය පෙට්ට්‍රල් එන්ජිමක් නම් එහි ස්පාක් ප්ලග් හෝ ඩීසල් එන්ජිමක් නම් හීටර් ප්ලග් හෝ ඉන්ජෙක්ටර්ස් සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ යුතු බවයි. මන්දයත් ඇතැම් ඩීසල් මෝටර් රථ මාළිදිවල හීටර් ප්ලග් නොමැති නිසා ඉන්ජෙක්ටර්ස් ගලවා ඉවත් කළ යුතු බවද සඳහන් කළා.

මෙම ක්‍රියාව කළ පසු එන්ජිම ක්‍රෑන්ක් කිරීමක් ((crank) – (සාමාන්‍ය විදිහට කරකවා පණ ගැන්වීම)) කළ යුතුයි. ඇතැම් විට ස්ටාටර් මෝටරයට ජලය ගොස් ඇත්නම් හෝ විදුලි පරිපථයේ දෝෂයක් ඇති වී තිබේ නම් මෙම ක්‍රියාවද සිදු කිරීම අපහසු බවයි ඉංජිනේරු ලාල් අලවත්ත මහතා පෙන්වා දෙන්නේ. එවිට ස්ටාටර් මෝටරය සහ විදුලි පරිපථය නිවරැදිව පිරිසිදු කර අලුත් බැටරියක් යොදා එන්ජිම ක්‍රෑන්ක් කිරීමට යළි උත්සහ කළ හැකි බවත් සඳහන් කළා. එවිට එන්ජිම ඇතුළත ඇති ජලය එහි සිදුරුවලින් එළියට පැමිණෙන බවත් සඳහන් කළා. මෙහිදී එන්ජිමේ ජලය නොරැඳෙන ලෙස ජලය ඉවත් කිරීමට ඔබ විසින් වගබලා ගත යුතුය.

ඉන්පසු මෙම ගලවා තිබූ කොටස් යළි එන්ජිමට සවි කර එන්ජිම පණ ගැන්වේද කියා බැලීමට හැකියාවක් ඇති බවයි අලවත්ත මහතා පැවසුවේ. එවිට එන්ජිම පණ ගැන්වේනම් වහාම එන්ජිම නතර කළ යුතු බවත් ඉන් එහාට එන්ජිමට කිසිඳු පණ ගැන්වීමක් සිදු නොකරන ලෙසත් සඳහන් කළා. පසුව ඔබේ මෝටර් රථයට අදාළ ඩීසල් ෆිල්ටර් හෝ පෙට්ට්‍රල් ෆිල්ටර්, එයා ෆිල්ටර් සියල්ල අලුතින් යොදන ලෙසයි පෙන්වා දෙන්නේ. එවිට ඔබේ මෝටර් රථය පණ ගැන්වීමේ හැකියාව පවතින් බවත් සඳහන් කළා.

එසේ කළ පසුත් එන්ජිම පණ ගැන්වෙන්නේ නැතිනම් රථයේ ඉලෙක්ට්‍රොනික් දෝෂයක් හෝ රථයට ඉන්ධන නොපැමිණීමේ දෝෂයක් හටගෙන ඇති බවයි ඔහු පැවසුවේ. එවිට ඒ පිළිබඳව දෙවනුව සොයා බලා අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කළ යුතු බවයි හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේ. ගංවතුරෙන් ඔබේ රථයේ එන්ජිමට සිදු විය හැකි ප්‍රබල ගැටළු ඉහත කී කරුණු අනුව මගහරවා ගත හැකි බවත් සඳහන් කළා

Nethfm

 

Related posts

අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ.. ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථික-සමාජ උවදුරු දුරලීමෙන්

colombotoday

ලිට්‍රෝ සමාගම ආනයන කළ ගෑස් නැවට ගෙවන්න ඩොලර් නැහැ

colombotoday

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා දේවගැති ජෙරම්ගෙන් අධිකරණයට පෙත්සමක්

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

colombotoday

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ නිල කාලය දීර්ඝ කෙරේ

colombotoday

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin