හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතාට ලබා දී තිබූ හමුදා ආරක්ෂාවෙන් කොටසක් අද උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනුයුක්ත කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාක්ෂාවට යොදවා තිබූ හමුදා භටයින් 50 දෙනාගෙන් 25 දෙනෙකු මෙසේ ඉවත් කර තිබෙන බවයි සදහන් වන්නේ.
තමන්ට සපයා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර රජයෙන් ඉල්ලීක් කර තිබුණු අතර ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ කිසියම් තැනැත්තෙකුගේ ආරක්ෂාව සදහා යොදවන්නේ කවුරුන්දැයි තීරණය කරන්නේ ආරක්ෂක මණ්ඩලය බවයි.