Colombo Today Local News

මෙරටට හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ විදෙස් යාත්‍රාවක් සමග 9 දෙනෙකු අත්අඩංගුවට.

හෙරොයින් විශාල ප්‍රමාණයක් මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය යාත්‍රාවක් සමග සැකකරුවන් 09 දෙනෙකු පොලීසීය, ශ්‍රී ලංකා නාවික හමුදාව සමග ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් අදාළ යාත්‍රාව නාවික හමුදා සහායෙන් මේ වනවිට වෙරළ තීරයට රැගෙන එමින් ඇති බවය.

මේ අතර පසුගිය මාසයක කාලය තුළ මෙරටට හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රා 02ක් පොලීසිය හා නාවික හමුදාව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනිණි.

ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේදී, නාවික හමුදාව භාරයට ගනු ලැබූ විදේශීය යාත්‍රාවේ තිබී, හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සොයා ගැනීම එහි ආසන්නතම සිදුවීම වේ.

ඒ සමග අත්අඩංගුවට ගත් විදේශිය ජාතිකයින් සංඛ්‍යාව 07කි.

එම හෙරොයින් මෙරටට රැගෙන ඒම සඳහා කටයුතු කළ කළුදුර චමින්ද තාබ්‍රේව් හෙවත් ‘බොබ් මාලි’ නැමැති සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ක්‍රියාත්මක කළ වැටලීමකදී පසුගියදා ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ය.

පොලිසිය පැවසුවේ, දැනට එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බවයි.

Related posts

බෙදුම්වාදී මළබෙර හඩ ඇසේ.. ස්වාධීන බලතල පළාත්සභාවට.. ව්‍යවස්ථා කමිටු යෝජනා මෙන්න

colombotoday

ත්‍රස්ත මර්ධන පනත අහෝසියි.. අලුත් පනත හදන වැඩේ අගමැති සාගලට බාරදෙයි !

colombotoday

ඉන්දියාවෙන් තිරිගු පිටි ආනයනයට අවසර ඉල්ලයි

Admin

අම්පාර අක්කරෙයිපත්තුව නැවත දැනුම්දෙනතුරු හුදෙකලා කරයි

colombotoday

සුවසැරියේ රියදුරුට සහ හෙදියට පහරදුන් බේබද්දන්ට වැඩ වරදී

Admin

නිදහස් කළ කොටින්ගෙන් සමාව ගෙන වන්දි දෙන්න. – රජයට නිර්දේශයක්‌!

colombotoday