Colombo Today Local News

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් ලෝහමය සිංහ රූප දෙකක් සොයා ගැනේ

දීඝවාපිය දාගැබේ දකුණු ආයකය ආශ්‍රිත කැණීමෙන් සිංහ රූප දෙකක් හමුවී තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කළේ, කැණීම්වලදී සොයාගත් ලෝහමය මංජුසාවක තිබී මෙම සිංහ රූප සොයා ගත් බවයි.

ඒවා වැඩිදුර විශ්ලේශනය සඳහා යොමු කිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මීට අමතරව එහි තිබි අර්ධ මාණික්‍ය වර්ගයේ ගල් රැසක් ද සොයා ගැනීමට හැකිව තිබේ.

දීඝවාපිය දාගැබේ සංරක්ෂණ කටයුතුවලට පූර්වගාමීව ආරම්භ කළ මෙම කැණීමෙන් මේ වනවිට ශෛලමය කරඬුවක් හා ඒ තුළ තිබූ තවත් රන් කරඬු තුනක් සොයා ගෙන ඇති අතර ඒවා විවෘත කිරීමේදී රන් පත් ඉරුවක් හා සර්වඥ ධාතූන් වහන්සේ ද සොයා ගැණුනි.

නැගෙනහිර පළාතේ ප්‍රධාන දාගැබ වශයෙන් සැලකෙන දීඝවාපිය සොළොස්මස්ථානවලින් එකක් ලෙස ද සැලකේ.

Related posts

2023 අයවැය ධනාත්මකයි ඉදිරියේදී සහන ලැබේවි – මහින්ද රාජපක්ෂ

Admin

විද්‍යාත්මක අලුත් ඇමති මණ්ඩලය මෙන්න…

colombotoday

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක් දිවයිනට

colombotoday

“පුත්තලමේ අපි බූරුවෝද ?“ – ඇමති අසයි !

colombotoday

කැලණිවැලි, පුත්තලම සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු අවලංගුයි

colombotoday