පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද (28දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.
හෙලෝ කෝප් ආයතනයෙන් රුපියල් මිලියන 125ක කොටස් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙම වරෙන්තුව නිකුත් කර ඇත.
අදාළ කොටස් මිලදී ගැනීම සදහා මන්ත්‍රීවරයාට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයිද මන්ත්‍රීවරයා මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇතැයිද, එබැවින් ඔහු ඇතුළු හය දෙනාට චෝදනා ගොණු කිරීම සදහා සාක්ෂි ඇතැයිද පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අධිකරණයට කරුණු දක්වා ඇත.