Colombo Today Local News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඊයේ (අගෝ. 04)දින මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමඟ සුහද හමුවක් සඳහා පැමිණ තිබේ.

මෙරට වත්මන් ආර්ථික, දේශපාලන තත්ත්වය පිළිබඳව සහ ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සම්බන්ධයෙන් මෙන්ම දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම ගැනද එහිදී සාකච්ඡා කර ඇත.

ඉතා දුෂ්කර කාලසීමාවකදී වුවද ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාකර ඇති ආකාරය ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් විශේෂ ඇගැයීමකට ලක් කරනු ලැබූ අතර ශ්‍රී ලංකා පොලිස් සේවය නගා සිටුවීමට සිය සහයෝගය ලබාදෙන බවද මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාට එහිදී පැවසීය.

Related posts

පෙබරවාරි දහ වැනිදායින් පසුව පාරට බහිනවා – ජනපති

colombotoday

ධීවර වරාය ශක්‍යතා අධ්‍යනයෙනුත් 18 කෝටියකට විදලා.. දුෂණ මර්ධනයට පැමිණිලි

colombotoday

18 දා අලුත් ආණ්ඩුවක්… එජාපයේ 24ක් පිම්මකට සැරසෙයි… බහුතරය පෙන්වන්න මහින්ද සූදානම් !

colombotoday

පාසල් ළමුන් ඉලක්කකර මාවෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කල අයෙක් අල්ලයි

Admin

නව වසර සමරන්න වරාය කෝටි 3 ක් වැයකරලා

colombotoday

නවක සිසුන්ට පිළුණු වූ ආහාර දුන් පේරාදෙණිය සරසවියේ සිසුන් 11කට පන්ති තහනමක්..

Admin