Colombo Today Local News

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ හමුවක් අද (23)දින පැවැත්වේ.

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ, අද (23) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂවල මහලේකම්වරුන්ට සහ නියෝජිතයින්ට මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි දැනුම් දී ඇති බවයි.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ යෝජනා පිළිබඳව දේශපාලන පක්ෂවල අදහස් විමසීමේ අරමුණින් සහ එම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ජා කිරීමේ අරමුණින් මෙම සාකච්ජාව කැඳවා තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ සංඛ්‍යාව 40 කට ආසන්නයි.

මැතිවරණ නීති සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු ‍විශේෂ කාරක සභාවේ යෝජනා සම්බන්ධයෙන් පසුගිය දා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 30 ක නියෝජිතයින් සමග සාකච්ජා කළ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

Related posts

ගල්කිස්ස පොලීසිය කළ පහරදීමකදී පුද්ගලයෙක් මියගිය බවට පැමිණිල්ලක්

colombotoday

ඇයි ඔබ නිහඩ.. අපි සිංහල නිසාද? ජනපතිගෙන්, අගමැතිගෙන්, හිටපු ජනපතිගෙන් බෝගස්වැව වැසියන් වෙනුවෙන් හාමුදුරුවෝ කරන ඉල්ලීම

colombotoday

“පාර්ලිමේන්තුවේ 225ම හොරු නෙමේ.. “

colombotoday

අද විදුලි කැපෙන හැටි

colombotoday

ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි

Admin

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

Admin