අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 5ක පවුල් 1766 කට අයත් පුද්ගලයින් 7649 දෙනකු පීඩාවට ලක් වී ඇතැයි, අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණ 3 ක් මේ වනවිට වාර්තා වන බව එහි අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා සඳහන් කරයි.
මේ අතර පවතින අධික වර්ෂාව හමුවේ කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හමුවේ බුලත්සිංහල මෝල්කාව මාර්ගය ජලයෙන් යට වී තිබේ.