Colombo Today Local News

“ජනතාවට බදු පිට බදු ගසා ඊළග ඡන්දෙට මුදල් සොයනවා”

රජය නව බදු ගණනාවක් පනමවමින් ජනතාවට බදු පිට බදු ගසා ඊළග මැතිවරණවලට මුදල් සොයමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (08)දින පැවසීය.

විශේෂ භාණ්ඩ හා සේවා බද්ද, වැට් බදු සංශෝධනය හා අධිකාරී බද්ද සංශෝධනය කරමින් මෙලෙස ජනතාව මත බදු පිට බදු පනවා තිබෙන බවද විජයවර්ධන මහතා සදහන් කරයි.

අධිකාරි බද්ද යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් විශ්‍රාම වැටුප් අරමුදලෙන් හා සේවක අර්ථ සාධක අරමුදල ඇතුලු අරමුදල් ගණනාවකින් 25% ක බද්දක් අය කර ගැනීමට කටයුතු කිරීම ගැන මුදල් අමාත්‍යාංශය ලැජ්ජා විය යුතු බවද නියෝජ්‍යවරයා සදහන් කරයි.

කොළඹ හයිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයේදී ව්‍යාපාරිකයන් පිරිසක් හමුවූ අවස්ථාවේදී නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සදහන් කළේය.

Related posts

“නිදහස සත්‍යග්‍රහය” අතරතුර කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට..

Admin

නැවෙන් වෙරළට ආ බඩු ගත් අත් වණ වෙයි | ඉදිරියේදී සිතා ගන්නට නොහැකි පසු විපාක මතු වීමේ අවදානමක්

colombotoday

කොරෝනා වසංගතයට එරෙහිව රජය ගත් ක්‍රියාමාර්ග ජාත්‍යන්තරයේ පැසසුමට

colombotoday

‘කොටි නායකයන්ගේ ප්‍රතිමා තනා, කොටි සොහොන් බිම් රජයේ වියදමින් නඩත්තු කරනු‘ – TNA තවත් උමතු යෝජනා

colombotoday

fitch රේටින්ග්ස් ගෝලීය මූල්‍ය දර්ශකයේ ලංකාව පහළටම ඇද වැටෙයි!

colombotoday

පාඩුයි කියා ලං.වි.ම. ත් චීනයට..! සේවක සංගම් රතු එළි දල්වයි…

colombotoday