Colombo Today Local News

ජාවාරම්කරුවන් දමා ගිය ඖෂධ තොගයක් නාවික හමුදා බාරයට

මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ වෙරළ තීරයට ගොඩගසා තිබූ ඖෂධ තොගයක් සොයාගත් බව නාවික හමුදා පවසයි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය විසින් මන්නාරම, නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ පාමුර සංචාරයකදී පොලිතීන් උර තුල ඇසුරුම් කරන ලද ඖෂධ තොගයක් මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී මෙලෙස නාවික හමුදා බාරයට ගෙන තිබේ.

මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කර, නාවික හමුදා මෙහෙයුම් හේතුවෙන් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මෙම ඖෂධ තොගය මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විස්වාස කෙරේ.

නාවික හමුදා භාරයට ගත් මෙම ඖෂධ තොගයේ දළ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 4.5 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, එම ඖෂධ තොගය සම්බන්ධ ඉදිරි නිතීමය කටයුතු සිදු කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.

Related posts

සංචාරක පැමිණීම මන්දගාමී වෙයි

Admin

ප්‍රභාකරන් මළ දා පළාත් කොඩිය අඩකුඹු කරන්නැයි උතුරේ සියලු පාසල්වලට නියෝග කරයි

colombotoday

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

colombotoday

කොරෝනා කාලේ රැදවියන්ට සිය නිවෙස්වලට කතා කරන්නට නොමිළේ දුරකතන පහසුකම්

colombotoday

කතානායකට පුටුවේ චූ ගියා. වීඩියෝ තියෙනවා. – ලක්ෂ්මන් යාපා අඹේවර්ධන

colombotoday

තෙල් සහ ගෑස් ගවේශනය නැවත අරඹයි.. දෙන වැටුපට වැඩකිරීමට විශේෂඥයින්ගේ කැමැත්ත

colombotoday