Colombo Today Local News

සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ නාමල්ට ඇමැති ධුරයක් දෙනවාට ‘බ්ලැක් කැප්’ විරෝධය

ඉදිරියේදි නිර්මාණය වීමට නියමිත සර්වපාක්ෂික හෝ ජාතික ආණ්ඩුවේ ඇමැති ධුරයක් නාමල් රාජපක්ෂට ලබාදෙන්නේ නම් ඊට විරුද්ධත්වය පළකරන බව ‘බ්ලැක් කැප් මූවමන්ට්’ සංවිධානය සඳහන් කරයි.

රාජපක්ෂ පවුල්වාදයේ අත්තනෝමතිකභාවයට එරෙහිව රටේ පැනනැගුණු ජන අරගලයේ ප්‍රධාන ඉලක්කය වූයේ රාජපක්ෂවාදයෙන් තොර නව පාලනතන්ත්‍රයක් නිර්මාණය කරගැනීම බවත්, අරගලයෙන් ජනතාව බලාපොරොත්තු වූයේ පැරණි පොහොට්ටු ආණ්ඩුවම නැවත සළුපිලි අන්දවා කරළියට ගැනීමට නොවන බවත් එම සංවිධානය පවසයි.

නාමල් රාජපක්ෂ මහතා පසුගියදා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ඉහළ පෙළේ නිලධාරීයකු පත් කිරීම සඳහා ද පරිසර අමාත්‍යවරයා වෙත ලිපි දෙකක් මගින් බලපෑම් කර තිබෙනු නිරීක්ෂණය වූ බවද, නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත්කිරීමට ද සූදානමක් ඇති බවද කී එම සංවිධානය ජනතා මතය පිළිබඳ කිසිඳු සංවේදීත්වයක් නොමැතිව මෙලෙස කටයුතු කරයි නම් ඔවුන්ගේ දේශපාලන ඉරණම ගැන ඊළඟ මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇතැයි ද පවසයි.

අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව නාමල්ලාගේ දේශපාලන සූදුවක් බවට පත්කිරීමට ඉඩ නොදෙන ලෙස සියලු දේශපාලන කණ්ඩායම් වෙතින් ඉල්ලා සිටින බවත්, නාමල් රාජපක්ෂලාගේ දේශපාලන ගේම් වලින් අවසානයේ පීඩාවට පත්වන්නේ රටේ අහිංසක ජනතාව බවත් එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related posts

පොලිසියේ ලොකු පුටු මාරු වෙයි

Admin

හිටපු ජනපති සහ අගමැති බුර්කාව ගැන දුන් උපදෙස පාස්කු කොමිසමේදී හෙළිවෙයි

colombotoday

15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් කොටු. – තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන

colombotoday

සීසර්ලා තල්ලු කලා යැයි කියමින් මන්ත්‍රීවරියක් රෝහල් ගත වෙයි

Admin

සමුපකාර ගම්මානයකට මි.775ක් | රිෂාඩ්ගේ කාලේ තවත් වංචාවක්. විමර්ශන සී.අයි.ඩීයට.| අන්තවාදීන් පුහුණු කළාදැයි සැක.

colombotoday

NMR දත්ත මැකීම සම්බන්ධයෙන් එපික් ලංකා ඉංජිනේරුවකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ

colombotoday