Covid 19

මාරවිල රෝහලේ වෛද්‍යවරු 8කට කොරෝනා.. කාර්ය මණ්ඩල සාමාජිකයින් 31ක් ආසාදිතයින් | වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය වැසෙයි

මාරවිල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු 8ට දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අද (17)දිනය වනවිට එම රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 31 දෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.

මාරවිල මූලික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලය අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් එම රෝහලේ වාට්ටු 04 ක් සහ දැඩි සත්කාර ඒකකය තාවකාලිකව වසාදැමීය.

ඇය පැවසුවේ කඩිනමින් එම වාට්ටු ආරම්භ කිරීමට කටයුතු කරන බවය.

දැඩි සත්කාර ඒකකය, හදිසි අනතුරු වාට්ටු 02 ක් සහ ගැබිනි කාන්තාවන්ට වෙන්කළ වාට්ටු 02 ක් මේ වනවිට වසා දමා ඇත.

මාරවිල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට පසුගිය සතියේ වාර්තා විය.

අනතුරුව රෝහලේ කාර්ය මණ්ඩලය පී.සී.ආර්.පරීක්ෂණයන් සඳහා යොමුකිරීමට කටයුතු කර තිබුණි.

ඊයේ (16)දින පෙරවරුව වනවිට වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

සවස වන විට එම සංඛාව 29 දක්වා ඉහළගොස් තිබුණි.

17 වැනිදා පෙරවරුව වනවිට මාරවිල මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ 31 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.

හඳුනාගෙන ඇති ආසාදිතයින් අතර වෛද්‍යවරුන් 08 දෙනෙකු ද වේ.

එම තත්ත්වය හේතුවෙන් මාරවිල මූලික රෝහලට රැගෙන එන හදිසි රෝගීන් සහ ගැබිණි මව්වරුන් හලාවත මහ රෝහලට මාරු කිරීමට කටයුතු කර ඇත.

මාරවිල මූලික රෝහලේ අනෙකුත් වාට්ටුවල දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ව පී.සී.ආර්.පරීක්ෂණයන් සදහා යොමුකිරීමටද කටයුතු කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

Related posts

25 වනදා ලඟම ඇති වෙළඳ සැලට ගොස් භාණ්ඩ ලබාගැනීමට ජනතාවට අවස්තාව.

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

පෑලියගොඩ නව මැනිං වෙළඳපොළේ 7කට කොවිඩ්

colombotoday

හිගුරක්ගොඩ පොලිස් නිලධාරින් 13 දෙනෙකු නිරෝධායනයට

colombotoday

ශ්‍රී ලංකාවේ 10 වන කොරෝනා මරණය වාර්තා වේ.

colombotoday

නිලූක කරුණාරත්නටත් කොවිඩ්

colombotoday