Covid 19

ඊයේත් කොරෝනා මරණ 8 ක්.. ආසාදිතයින් ගණන 63,000 ඉක්මවයි.

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 63,293 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ , ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 848 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඔවුන් පෑලියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් සහ 04 දෙනෙකු බන්ධනාගාර කොවිඩ් පොකුරේ පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,703 කි.

ඊයේ කොරෝනා ආසාදිතයින් 879 දෙනෙකු සුවය ලැබීමත් සමග මෙරට කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 56,277 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

ඊයේ දිනයේ කොරෝනා මරණ 8 ක් මෙරටින් වාර්තා වී තිබේ.

ඒ අතරින් තිදෙනෙකු කාන්තාවන් ය.

මේ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 313 දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, කොළඹ 10 පදිංචි 61 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු,කොළඹ 15 පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 58 හැවිරිදි පොකුණුවිට පදිංචි කාන්තාවක් ය.

ඊට අමතරව 79 හැවිරිදි රාජගිරිය පදිංචිකරුවෙක්, කොළඹ 15 පදිංචි 93 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ,මඩුවල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක්, වාද්දූව පදිංචි 39 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු එලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබේ.

ඔවුන් කොරෝනා ආසාදනය සමග ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

Related posts

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

හොරොව්පොතාන මුස්ලිම් පල්ලියේ භාරකරත්වය විශේෂ භාරකරුවෙක්ට

colombotoday

කොවිඩ් ආසාදිතයින් 577 ක්

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කරයි | සමස්ත මරණ සංඛ්‍යාව 868ක් දක්වා ඉහළට

colombotoday

කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය දෙදෙනෙකුට කොරෝනා

colombotoday