තොග හා සිල්ලර වෙළෙන්දන් මත වැට් බදු පැනවීමට විරෝධය පළ කරමින් මහරගම වෙළඳ සංගම් එකමුතුව අද (17) මහරගම නගරයේ දී උද්ඝෝෂණයක නිරත විය.
ඒ හේතුවෙන් අද උදෑසන සිට නගරයේ කඩසාප්පු ද වසා දමා තිබිණි.
මහරගම, පමුණුව දේවාල පාරේ සිට පෙළපාලියකින් පැමිණ ඇති උද්ඝෝෂකයින් හයිලෙවල් මාර්ගයේ මංතීරු දෙකක් අවහිර කරමින් පැය භාගයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වී තිබේ.
ඡායාරූප – ලංකාදීප