Colombo Today Local News

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන්, මිලියන 720ක අතුරු වන්දිය මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කරයි

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ අතුරු වන්දි මුදල ලැබී තිබේ.

අධිකරණ අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව රුපියල් මිලියන 720ක මුදලක් මේ වනවිට මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති බවය.

අදාළ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බව, අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

අධිකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, ඊට අදාළ කටයුතු මේ වනවිට ඒ සම්බන්ධයනේ පත්කළ කමිටු මගින් සිදුවන බවය.

මේ අතර, නෞකාවේ බලපෑමෙන් සෘජුව පිඩාවට පත් ධීවරයින්ට පළමුව වන්දි ලබා දීමට පියවර ගන්නා බව, ධීවර අමාත්‍යාංශය පවසයි.

අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සඳහන් කළේ, එවැනි ධීවරයින්ට ගෙවන වන්දි මුදල කඩිනමින් තීරණය කරන බවය.

Related posts

දේශීය බීජ අයිතිය බංග්ලාදේශ සමාගමකට.. රට්ටුන්ගේ බත් කෑමේ අයිතියත් නොරටුන්ට !!

colombotoday

අධික උෂ්ණත්වය නිසා දරුවන් අනතුරේ.. දෙමව්පියන් කරන්න ඕන දේවල් මෙන්න

colombotoday

වියළි කාලගුණයෙන් පානීය ජල සැපයුමට බාධා

colombotoday

තවත් පනත් කෙටුම්පත් 5කට කතානායකවරයාගේ සහතිකය

colombotoday

හොර පාරෙන් ගෙනා ‍සන්නිවේදන උපකරණ සමඟ තිදෙනෙක් කටුනායකදී අල්ලයි

Admin

චන්ද්‍රිකාගේ සහය මෙන්න

Admin