Colombo Today Local News

වෘක්ෂලතා පනත කැඩීයැයි චෝදනා.. අලි පැටියා ළග තබාගත්තාට උඩුවේ හිමිට නීතිපති නඩු දමයි

uduwe dammaloka himi

බලපත්‍ර නොමැති අලි පැටවකු සන්තකය් තබා ගැනීම, වෘක්ෂලතා ආරක්ෂණ පනත උල්ලංඝණය කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවතින නඩුවට අදාළව සී.ආර්. 01/07/16 යටතේ උධෘත 2016/04/04 රහස් පොලිසිය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබූ අතර එය සැලකිල්ලට ගෙන නීතිපතිවරයා මෙම නඩු පැවරීම සිදු කර ඇත.

වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 63 වගන්ති ප්‍රකාරව ‍මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම පිළිබඳව නීතිපති උපදෙස් පතා ලිපියක් ද නීතිපතිවරයා වෙත රහස් පොලිසිය භාර දී තිබූ බවට ඉකුත් නඩු දිනයේදී අධිකරණයෙන් කරුණු අනාවරණය විය.

සිරි ඇලන්මැතිණියාරාමය හිමිකාරත්වය හා අලියාගේ බාරකාරත්වය සම්බන්ධයෙන් ද අලියා රැකබලා ගත් ඇත් ගොව්වන් සඳහා අවශ්‍ය වැටුප් ප්‍රතිපාදන ලබාදෙමින් අලියාගේ හිමිකාරත්වය දැරීම සම්බන්ධයෙන් කරුණු අනාවරණය වීමෙන් අනතුරුව 2016/02/11 නීතිපති උපදෙස් අනුව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරු ඇප මත මුදිහැරිණි.

Related posts

සරසවි සිහිනය සැබෑ කරන කඩයිම් ලකුණු මෙන්න

colombotoday

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු හදුනා ගැනේ

colombotoday

ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

ලොකු සද්ද දැමු පොඩි ලැසීගෙන් CIDය පැය 6ක් ප්‍රශ්න කරයි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

colombotoday