Colombo Today Local News

“අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන්”

අරගල භූමියේ දැන් සිටින්නේ පිස්සන්, කුඩු කාරයන් පිරිසක් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (27)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ හදිසි නීතිය ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.

ජනපති මන්දිරයේ තිබූ පෞරාණික ඡායාරූපවල අත්සන් තැබූ පිරිසකගෙන් මේ රටට කුමන විමුක්තියක් දැයි ඔහු ප්‍රශ්න කළේය.

ආර්ථික ප්‍රශ්නයෙන් පීඩාවට පත්ව සිටින මේ රටේ ජනතාව අරගලයට හදවතින්ම බද්ධ වුණු නමුත් අරගලකරුවන්ගෙන් අසීලාචාර හැසිරීමක් ඔවුන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවුණු බවත් අරගලකරුවන්ගේ පිස්සු වැඩ නිසා ජනතාවට දැන් අරගලය එපාවී ඇති බවත් රණතුංග මහතා පැවසීය.

අරගලකරුවන් මේ රටේ හමුදාවට සහ පොලිසියට සැලකුවේ පහත් විදියට බව පැවසූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අරගලය මැද ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීමට ගත් උත්සහය සම්බන්ධයෙන් යුද හමුදාවට සහ පොලිසියට ස්තුතිය පුද කරන බවද ප්‍රකාශ කළේය.

ඒ වෙනුවෙන් ඔවුන්ට වෙනම උපහාර පිදීමක් කළ යුතු බවද ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

අරගල කරුවන්ගේ ප්‍රචණ්ඩත්වය කෙසේ හෝ පාලනය කළ යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය එජාපයෙන් ගිලිහෙනවා. මනෝ ගනේෂන් කියයි

colombotoday

“TOP 10 හොරු ගැන තොරතුරු දුන්නේ ආණ්ඩුවේ අයමයි“ – මහින්දානන්ද

colombotoday

ශ්‍රී ලංකන් එයාර් දීර්ඝතම ගමනාන්ත අත්හිටුවයි.. පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් ගමන් මින් පසු නෑ

colombotoday

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය.

colombotoday