Colombo Today Local News

මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත්වල කල් ඉකුත්වීම කල් දමයි

මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් මාත්‍රා තොගවල කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ආයතනයේ සැපයුම් අංශයේ නිර්දේශයට අනුව එම තීරණයට එළැඹ ඇතැයි පැවැසේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධනගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් කොළඹ ජාතික රෝහලේ සහ නුවර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, සියලු ම දිස්ත්‍රික් මහ රෝහල්, ශික්ෂණ රෝහල්, ප්‍රාදේශීය රෝහල්, මූලික රෝහල්වල අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරීන්ට මේ බව දන්වා යවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා යුනිසෙෆ් සංවිධානයේ නිර්දේශ මත සෙල්සියස් අංශක ඍණ 900°Cත් ඍණ 600°Cත් අතර ගබඩා කොට තිබූ විවෘත නොකළ එන්නත් තොගවල කල් ඉකුත් වීමේ කාලය මෙසේ මාස නවයේ සිට මාස ‍දොළහක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කොට ඇත.

ඉන්දියාවේ පිහිටි ෆයිසර් එන්නත් නියෝජිතායතනයේ නියාමන කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව මේ සම්බන්ධයෙන් දැනුවත්කර ඇතැයි ද එම ලිපියෙහි දක්වා තිබේ.

ඒ අනුව, මෙරටට ගෙන්වා ඇති ෆයිසර් එන්නත් තොගවල කල් ඉකුත් වීමේ දිනය එළැඹෙන ඔක්තෝබර් මස 31 වන දා දක්වා දීර්ඝ කොට ඇති බව පැවසේ.

පසුගිය වකවානුවේ මෙරටට ලැබුණු එන්නත් තොගවලින් 2021-11-08 නිෂ්පාදිත FN 5436 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග, 2021-11-24 නිෂ්පාදිත FN 2898 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග, 2021-11-17 නිෂ්පාදිත FN 9281 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග, 2021-11-17 නිෂ්පාදිත FN 5450 කාණ්ඩය අංකය සහිත එන්නත් තොග මේ වසරේ ජූලි මස 31 වන දායින් කල් ඉකුත් වීමට නියමිතව තිබී ඇත.

මේ තීරණයත් සමග මේ කාණ්ඩවලට අයත් එන්නත් තොගවල කල් ඉකුත්වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කර තිබේ.

Related posts

සෞඛ්‍ය වැඩවර්ජන නැවතත් ?

Admin

සතොසත් සහල් අලෙවිය සීමා පනවයි

Admin

සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදුවන බ්‍රහස්පතින්දා ජාතික ශෝක දිනයක්

colombotoday

කඩා දැමූ මංතිරු හදා දෙන බව ජෝන් ඇමති කියයි.. හදන්නේ අප්පගේ බූදලෙන්දැයි නොකියයි

colombotoday

පොලිස් කොමිසමට හොරෙන් නිලධාරීන්ට ස්ථාන මාරු, පොලිස් කොමිසම නමට පමණද?

colombotoday

කිසිම දවසක රාජපක්ෂ කෙනෙකුට ආයේ මේ රටේ බලයට එන්න අපි ඉඩ තියන්නේ නැහැ…

colombotoday