තාවකාලිකව වසා දැමුණු ගාලු මුවදොර මාර්ගය සැහැල්ලු රථ වාහන සඳහා යළි විවෘත කර ඇතැයි පොලීසිය පවසයි.
ගාලු මුවදොර, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දින 100කට වැඩි කාලයක් තිස්සේ විරෝධතාවයේ නිරත මහජනතාව එම ස්ථානයෙන් ආරක්ෂක අංශ විසින් ඉවත් කිරීමත් සමග එම මාර්ගය තාවකාලිකව වසා දැමුණි.
එම ඉවත් කිරීම ඊයේ(22) දින සිදු කෙරිණි.