Colombo Today Local News

ඇඹිලිපිටියේ අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක්

ඊයේ(20) රාත්‍රී 10ට පමණ ඇඹිලිපිටිය නගරසභාව ඉදිරිපිට රැඳී සිටි අරගලකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වේ.

ඇඹිලිපිටිය නගර සභාව ඉදිරිපිටදී ඔවුන් මෙම අරගලය දින ගණනක් ක්‍රියාත්මක කර ඇති අතර සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණ අට්ටාලය කඩා බිඳ දමා අරගලකරුවන්ට පහර දී එළවා දමා ඇති බවයි පැවසේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් ඇඹිලිපිටිය පොලීසියට පැමිණිලි කර ඇති අතර මේ වන විට පහරකෑමට ලක්වූ අරගලකරුවෙක් ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද සඳහන් වේ.

පහරදීමට පැමිණි අයෙකු අරගලකරුවන් විසින් හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Related posts

රත්මලානේ නිවසක තිබී මළ සිරුරක් හමුවෙයි

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

කොළඹ පැරණි ගොඩනැගිලි ආයෝජනයට දෙන්න සැලසුම්

Admin

ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Admin