Colombo Today Local News

ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව රැස්වේ

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව අද (07) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 1 දී එම රැස්වීම පැවැත්වු බවය.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ සභාපතිවරයා වශයෙන්, එම අවස්ථාවට සහභාගී වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි ජනාධිපතිවරයා, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් විසින් පිළිගෙන තිබේ.

රටේ ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය, වර්තමානයේ ආරක්ෂක අංශවල අවධානය යොමු වී ඇති කරුණු හා අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා රැසක් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශය යටතට අයත් ආයතනවල නිලධාරීහු එම අවස්ථාවට එක්ව ඇත.

Related posts

වහාම ක්‍රියාත්මක වන පරිදි කඳාන සහ මහබාගේ හුදකලා කෙරේ

colombotoday

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

යුගදනවි ගිවිසුමට එරෙහිව ජවිපෙනුත් පෙත්සමක්

colombotoday

2020 ජනපතිවරණයේ ශ්‍රීලනිප ජනපති අපේක්ෂකයා මෛත්‍රී !

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුවේ ගැසට්ටුව ලබන නඩු විභාගය තෙක් ක්‍රියාත්මක නොකෙරේ…

Admin

අදත් ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි

colombotoday