Colombo Today Local News

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

දැරණියගල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ලක්ෂ්මන් රාජකරුණා (එජාප) මහතාට දැරණියගල දෙල්ඔළුව ප‍්‍රදේශයේදී කාන්තාවක විසින් දැලිපිහි ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි දැරණියගල පොලිසිය කියයි. එම ප‍්‍රහාරයෙන් සභාපතිවරයාගේ නාසයට තුවාල සිදුවී ඇති අතර සභාපතිවරයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබාගෙන පිටව ගොස් ඇත.

සභාපතිවරයා කිසියම් අවශ්‍යතාවයකට දැරණියගල දෙල්ඔළුව ප‍්‍රදේශයට ගොස් ආපසු එමින් සිටියදී වෙළෙඳසලක් අසල සිය රථය නැවතූ අවස්ථාවේදී ආවේගශීලී ලෙස දැලිපිහියක් රැගෙන කඩාවැදුණු කාන්තාවක් විසින් එයින් පහර දීමට උත්සාහ කිරීමේ දී සභාපතිවරයා එය වැළැක්වීමට උත්සාහ ගැනීමත් සමගම සභාපතිවරයාගේ නාසය කැපී ඇතැයි පොලිසිය කියයි.

සැකකාර කාන්තාව ද රෝහල්ගත වී ඇති අතර ඇය සභාපතිවරයා සමග සමීප සබඳතා පවත්වන තැනැත්තියක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සභාපතිවරයා සහ මෙම කාන්තාව අතර නිරතුරුවම ගැටුම් පවතින බවත් ඒ සම්බන්ධයෙන් දැරණියගල පොලිසියට පැමිණිලි ගණනාවක් සටහන්ව ඇතැයි ද උසස් පොලිස් නිලධාරියකු සදහන් කරයි.

දැරණියගල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන් මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වයි.

Related posts

රණවිරුවන්ට එරෙහිව දැමූ නඩු නවතන්න බෑ – නීතිපති දප්පුල ජනපතිට එරෙහිව අවි ඔසව‍යි

colombotoday

පාසල් දැරියක් දියේ ගිලී මරුට

Admin

එජාප අපව බේරාගත්තේ ජනපති මෛත්‍රීයි.. එජාපය කෙලෙහිගුණ දන්නෑ – රන්ජන් එජාපය පට්ට ගහයි

colombotoday

හිරුණිකාට ක්ෂණික ඇප ලැබේ.. අත්අඩංගුවට ගත් සැනින් නිදහස්

colombotoday

බැදුම්කර සොර දෙටුවෝ මහපොළ අරමුදලටත් අරී.. මිලියන 188ක පාඩුවක්

colombotoday

කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් අල්ලාහ්ගේ නාමයෙන් තවුහිඩ් ජමාත් ඉල්ලයි

colombotoday